27 April 2024
#දේශීය

බොරු අපේක්ෂකයින් වැට බදින්න මැකො තීරණය කරයි

සියලු මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මගින් සාකච්ඡා කරන අතරම පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ නීති සකස් කළ යුතු බවයි.

මැතිවරණවල දී අනෙකුත් පුද්ගලයින්ට සහාය දැක්වීම සඳහා අපේක්ෂකයින් ඉදරිපත්වීම වැලැක්වීමට පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් අපේක්ෂකයන්ගේ ඇප මුදල් කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද යන්න මැතිවරණ කොමිසම තීරණය කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *