ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ප්‍රධාන කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි මෙහෙයුම් සහ ආයතනික ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලා තිබේ.
රාජ්‍ය ආරක්ෂක අංශ හා අනුබද්ධ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සහ විනිවිදභාවය තහවුරු කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම නිරීක්ෂණය සිදු කර ඇති අතර, ආයතනයේ ඉදිරි වැඩපිළිවෙළ සහ පරිපාලනමය තත්ත්වයන් පිළිබඳවද උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත.
මෙමඟින් ආරක්ෂක ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යවසායන් වඩාත් විධිමත් පාලනයකට යටත් කරමින් ජාතික ආරක්ෂාවට සහ ආයතනික කාර්යභාරයට නව දිශානතියක් ලබා දීමට අපේක්ෂිතය.














