මැදපෙරදිග යුගයේ ආරම්භයේ සිට ඉරානය විසින් වසා දමන ලද හෝම්රුස් සමුද්ර සන්ධියේ ජාත්යන්තර ජල තීරයේ පිහිටුවා තිබූ සියලුම බිම්බෝම්බ අමෙරිකානු නාවික හමුදාව විසින් ඉවත් කර හෝ පුපුරුවා හැර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
නව බෝම්බ හෝ උගුල් අටවන ඕනෑම නෞකාවක් හෝ යාත්රාවක් වහාම සහ ක්රමානුකූලව විනාශ කර දමන බවට ට්රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම සමුද්ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය වෙළඳපොලේ තෙල් මිලෙහි දැවැන්ත උච්චාවචනයන් හටගෙන ඇති අතර, ලෝකයේ තෙල් සහ ද්රව ස්වාභාවික වායු සැපයුමෙන් 20%ක් පමණ මෙම මාර්ගය හරහා ප්රවාහනය කරනු ලබයි. දෙපාර්ශ්වය අතර සාකච්ඡා බිඳ වැටීමත් සමඟ අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නව ආර්ථික සම්බාධක මාලාවක්ද ප්රකාශයට පත් කර ඇති අතර, ඊට ප්රතිචාර ලෙස ඉරානය සහ ඕමානය එක්ව තාවකාලික නාවික කොරිඩෝවක් සැකසීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියද, තවදුරටත් සමුද්ර සන්ධියේ ආරක්ෂක පාලනය දැඩිව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම කටයුතු කරමින් සිටී.














