පුපුරණ ද්‍රව්‍ය භාවිතයේදී මතුවන ප්‍රධාන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් අතර විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තී (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 28 වන දින මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී මතු වූ අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීම සහ නියාමන හා කළමනාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
පුපුරණ ද්‍රව්‍ය ගබඩා පහසුකම්, ප්‍රවාහනය, බලපත්‍ර සැපයීම සහ කිරීම, කල් ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය කළමනාකරණය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, බලපත්‍රලාභීන් මතු කළ ගැටලු සඳහා අදාළ නිලධාරීන්ට සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග සඳහන් කරමින් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) නියෝජිතයින්, පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් මෙන්ම වාණිජ පුපුරණ ද්‍රව්‍ය, කුඩා අවි සහ පතොරම් මිලදී ගැනීමේ ඒකකයේ (CEFAP) අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














