පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ ජනතාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසයි. අවදානමට ලක්ව සිටින පුද්ගලයින් කඩිනමින් හඳුනාගෙන ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙස ප්‍රදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති අතර, එලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත හෝ ඥාතීන්ගේ නිවෙස් වෙත යොමු කෙරෙන ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිය හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.














