පවතින අධික වර්ෂාපතනයත් සමඟ හැටන් – පොල්පිටිය, මොරහේනේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට පුළුල් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආරක්ෂක අංශ දිගින් දිගටම ඉල්ලා සිටී.













