ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. හර්මන්ප්‍රිට් කෞර්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු නම් කර ඇත.
මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවන් වන්නේ ස්ම්‍රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා, නන්දනි ශර්මා, අරුන්දදි රෙඩ්ඩි, රේණුකා සිං, කරන්ටි ගෞඩ්, ශ්‍රෙයන්කා පටිල් සහ රාධා යාදෙව් යන අයයි.
2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ලබන ජුනි මස 12 වන දින එජ්බැස්ටන්හිදී උත්කර්ෂවත් ලෙස ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන තරගයක් වනු ඇත.














