දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට පසුගිය 11 වැනිදා එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය **රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් සඳහා සිදුකළ බවට** අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් විමර්ශනවලට සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරයෙන් වයස අවුරුදු 11 සහ 17ක් වූ සහෝදරයන් දෙදෙනෙකු මියගිය අතර, ඔවුන්ගේ 55 හැවිරිදි පියා බරපතළ තුවාල ලැබීය. පොලිස් පරීක්ෂණවලදී ප්‍රහාරකයන්ගේ ඉලක්කය වෙනත් නිවසක් විය හැකි බවත්, වැරදි නිවසකට අත්බෝම්බය එල්ලවීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, මීට පෙර සිදු වූ වෙඩිතැබීමක් සහ ඝාතනයක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයට අදාළව නිවස පෙන්වූ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රහාරය සංවිධානය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශ්ව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














