දෙල්විට පොලිස් වසමේ, දෙල්විට – කිරිබත්ගල්ල මාර්ගයේ ගොඩමඩ ප්‍රදේශයේදී ඊයේ (15) උදෑසන සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිරිබත්ගල්ල දෙස සිට දෙල්විට දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක්, විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු මුලින්ම දෙල්විට රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 40 හැවිරිදි දෙල්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙල්විට පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















