මෙරට තුළ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය හමුවේ, අනිද්දා (16 වැනි බ්‍රහස්පතින්දා) සිට දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි සතියක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතරින් රෝගීන් 13,293ක්ම වාර්තා වී ඇත්තේ මෙම මාසයේ ගත වූ දින කිහිපය තුළදී පමණි. මෙම මාරාන්තික රෝගය හේතුවෙන් මේ වසරේ මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 47කි.
ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසන පරිදි, රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම සතියක විශේෂ මෙහෙයුම දියත් කෙරේ. දිනෙන් දින ඉහළ යන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවල මෙම මැදිහත්වීම අතිශය තීරණාත්මක වනු ඇත.
















