27 April 2024
#දේශීය

මේ ආණ්ඩුවත් හොරු අල්ලන්නේ නෑ – ජවිපෙන් චෝදනා

වත්මන් ආණ්ඩුවට බලයට පැමිණිමට පෙර මැතිවරණ වේදිකාවේ කියා සිටියේ බලයට පත් වු වහාම මහබැංකු හොරු අල්ලන නමුත් එය මෙතෙක් සිදුව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (03) කැඳවු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පසුගිය ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් තමන්ගේ පැත්තේ හොරුත් ආරක්ෂා කරනවා අනෙක් පැත්තේ හොරු ඩීල් දාලා ආරක්ෂා කරන බවයි.

එහිදී වැඩිදුරටත් විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මෛත්‍රීපාල මහත්තයට අත්සන් 21000ක් ගහලා අර්ජුන මහේන්ද්‍රන්ව ගේන්න බැරිවුනා. ඒ වගේම ආණ්ඩුව සමහර කටමැති දොඩවන අය කියනවා කේපී කනෙන් ඇදගෙන ආවා වගේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කියලා. සුසිල් ප්‍රේමජයන්ත කියනවා උදර්පන නීතියට අනුව රාජතාන්ත්‍රික තත්වයන් යටතේ තමයි ගේන්න වෙන්නේ කියලා. එදා මැතිවරණ වේදිකාවේ එහෙම නෙවෙයි කිව්වේ. බලයට පත්වුන ගමන් මහබැංකු හොරු අල්ලලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. අපි දන්නවා මේ හොරු අල්ලන්නේ නෑ. දැන් කේපී ගැන කියනවා. කේපී ගෙනත් මොකද කළේ. නීතිය ක්‍රියාත්මක කළාද නැහැ. කේපී ගෙනත් අන්තිමට රාජ්‍ය ආරක්ෂාව යටතේ සැප පහසුවෙන් ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන්ටත් ඒ වගේ සැප පහසුව සලසලා දෙයි කියලා නම් සැකයක් තිබෙනවා. කයිවාරු විතරයි හොරුන්ට දඩුවම් දෙන්නේ නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. රාජතාන්ත්‍රිකව, උදර්පන නීතියට අනුව කළත් මේ වෙනකොට කාලය ප්‍රමාණවත්. නමුත් කෙරෙන්නේ නැහැ. උදයංග වීරතුංගලාට මොකද වුනේ. පහුගිය කාලේ හැංගිලා හිටියේ. ඉන්ටර්පෝල් එකටත් හොයාගන්න බැරි වුනා. කිව්වා. නමුත් කොරෝනා අස්සේ ඔහු ගෙනල්ලා උසාවියෙන් ඇප දුන්නා. තමන්ගේ පැත්තේ හොරුත් ආරක්ෂා කරනවා අනෙක් පැත්තේ හොරු ඩීල් දාලා ආරක්ෂා කරනවා. යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *