ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බැවින් උණ රෝගය වැළඳී පැය 48කට පසු ළමයින්ගේ රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (16) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.මේ අතර, පාසල් පද්ධතිය ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන බහුලව වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද ප්‍රකාශ කළේය. ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව, දිවයිනේ සියලුම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් අනිද්දා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
















