ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස, රට පුරා පැවති ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 174 සිට 160 දක්වා පහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මෙම මදුරු මර්දන වැඩසටහන් ඉදිරි සති දෙක තුළත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ දායකත්වයෙන්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ප්‍රජාවේ ද සහාය ඇතිව මෙම වැඩසටහන් සිදු කෙරේ.
පසුගිය පැය 24ක කාලය තුළ පමණක් රට පුරා පරිශ්‍ර 6,263ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් 1,074ක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබේ. එහිදී නඩු 80ක් පවරා ඇති අතර රතු නිවේදන 152ක් නිකුත් කර ඇත.
මේ වසරේ ආරම්භයේ සිට ජූලි 11 වැනිදා දක්වා කාලය තුළ සමස්ත දිවයිනෙන්ම වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 68,075ක් වන අතර, එම කාලය තුළ ඩෙංගු මරණ 47ක් වාර්තා වී තිබේ.
















