ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට එම තත්ත්වය දරාගැනීම අපහසු වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහ රාජ්‍ය ආයතනවල වගකීම අතිශය වැදගත් වන බවයි.
නිවාස, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ඇති එකම කෙටිකාලීන විසඳුම බව ඔහු පෙන්වා දුන්නේය. රෝගීන් සංඛ්‍යාව සීමාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී රෝගී සත්කාර සේවාවන් බිඳවැටීමේ අවදානමක් පවතින නමුත්, මෙම තත්ත්වය තවමත් පාලනය කරගත හැකි මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















