මීගමුව බන්ධනාගාරයේදී සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරමින් සහෝදර නිලධාරීන්ගේ ජීවිත බේරාගත් වීරෝදාර බන්ධනාගාර නිලධාරියා පිළිබඳ තවත් සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදීත් සිය රාජකාරිය සහ සහෝදරත්වය වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම නිලධාරියා, රැඳවියන්ගේ ප්‍රහාරයන්ට නොබියව මුහුණ දී තිබුණි.මෙම නිලධාරියා එදින හදිසි අවස්ථාවේ සේවයට වාර්තා කර ඇත්තේ තමාට ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. තමන්ගේ ජීවිත අවදානම පසෙක ලා ඔහු කළ එම කැපවීම නොවන්නට සිදුවිය හැකිව තිබූ විනාශය මීට වඩා දරුණු විය හැකිව තිබුණි.
දොරටුව අවහිර කරමින් කටයුතු කළ අවස්ථාවේදී, කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මොහුට බන්ධනාගාරය ඇතුළේදීම මරණ තර්ජන එල්ල කර තිබේ. එළියෙදී හමුවුවහොත් මරණ බවට ඔවුන් ඔහුට තර්ජනය කර ඇත.මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම වීරෝදාර නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු කඩිනමින් සලසා ඇති බව වාර්තා වේ.සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීගමුව බන්ධනාගාරය සතුව තිබූ රිපිටර් වර්ගයේ අවි 22ක් සහ T58 වර්ගයේ ගිනිඅවි 10ක් සිය භාරයට ගෙන ඇත. අතුරුදන්ව තිබූ රිපිටර් වර්ගයේ ගිනිඅවිය ද බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබියදීම සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.තමන් අසනීපයෙන් සිටියදීත් රාජකාරියේ නාමයෙන් ඉදිරිපත් වූ මෙවැනි වීරයන් අපරාධකරුවන්ගේ තර්ජන හමුවේ තනි නොකිරීම අත්‍යවශ්‍ය වේ.
















