12 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රබෑෂ් මොන්ඩාල් නැමැති පුද්ගලයා සිද්ධිය වූ ස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි තැබීමකින් මියගොස් ඇත. තමා කළ වරදට ඔහුට ලැබිය යුතු උපරිම දඬුවම ලැබී ඇති බව පවසමින් සැකකරුගේ මව ඔහුගේ මළසිරුර බාරගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
තමාගේ පුතා සිදුකළේ වැරැද්දක් බවත්, ඔහු කළ දේට දඬුවම් ලැබී ඇති බවත් ප්‍රකාශ කළ මව, කිසිම අවස්ථාවක ඔහුගේ මළසිරුර නිවසට නොගන්නා බවත් තහවුරු කළාය. පොලිස් නිලධාරීන් පැමිණ තමාට පුතාගේ මරණය ගැන දැනුම් දුන් අවස්ථාවේදී පවා, “ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවත්, ඔහුගේ සිරුර බාරගැනීමට තමාගේ අකමැත්තක් නොමැති බවත්” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















