ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් පරිදි, අනුරාධපුර නාච්චාදූව කොට්ඨාසයේ මස්නොඩ් විද්‍යාලයේ (Maznod College) සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ආකල්ප සංවර්ධන වැඩසටහනක් පසුගිය 11 වැනි දින පවත්වන ලදී.
තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීම සහ ඔවුන් තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
















