දෙනියාය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ පාසල් 4ක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ මෙම රෝගී තත්ත්වය ‘මෙනින්ජයිටීස්’ (Meningitis) හෙවත් මොළේ උණ තත්ත්වයක් විය හැකි බවයි.
රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිසුන් කිහිප දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, රෝගය පැතිරීම වැළැක්වීමේ පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ අධ්‍යාපන බලධාරීන් එක්ව තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, දරුවන්ට උණ, තද හිසරදය හෝ වමනය වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස දෙමාපියන්ට උපදෙස් දී තිබේ.














