ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරට උතුරින් පිහිටි හිලරෝඩ් (Hillerod) ප්‍රදේශය අසලදී ප්‍රාදේශීය දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව එරට හදිසි සහන සේවා අංශ තහවුරු කරයි. අද (අප්‍රේල් 23) පෙරවරුවේ කගෙරප් (Kagerup) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
ග්‍රේටර් කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දුම්රිය දෙක මුහුණට මුහුණ ගැටී ඇති නමුත්, මේ වන විට සියලුම මගීන් දුම්රියවලින් ඉවතට ගෙන ඇති බවයි. කිසිදු පුද්ගලයෙකු දුම්රිය තුළ සිරවී නොමැති අතර තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල සහන කණ්ඩායම් පිරිසක් එම ස්ථානයට යොමු කර තිබේ.
පොලිසිය සහ ගලවා ගැනීමේ අංශ මේ වන විටත් එම ස්ථානයේ මෙහෙයුම් සිදු කරමින් සිටින අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.















