• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි

7 July 2023
in දේශීය

2022 වසර තුළ නව වී වර්ග 04ක් මෙරටට හඳුන්වා දී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2022 වසර සඳහා වන කාර්යසාධන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

ඒ අනුව Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග 04 හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී ඇත.

Ld 376 වී ප්‍රභේදය හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කළාපයේ කුඹුරුවලින් ලබා ගත හැකිය.

BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරුවල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකිය.

At 378 වි ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට පිළිවන.

BG 381 වී ප්‍රභේදය ද ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි. විශේෂයෙන් සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා ඉතාමත් සාර්ථකව යොදා ගත හැකි අතර හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි වේ.

මේ අතර අපේ රටට ආවේණික වී ප්‍රභේද දෙකක් වන මඩතවාලු හා සුදු හීනටි වී ප්‍රභේද දෙක මගින් අනෙකුත් සාම්ප්‍රධායික වී වර්ගවලට වඩා වැඩි අස්වැන්නක් කාබනික පොහොර යෙදීම මගින් ලබා ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී තිබේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට අපේ රටට බාස්මතී සහල් ආනයනය සිදු කරන බැවින් අප රටේ වගා කළ හැකි බාස්මතී විශේෂයක් සම්බන්ධව පර්යේෂණ සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 

Post Views: 84
Previous Post

ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Next Post

තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ පලමු ආලෝක පුජාව මන්ත්‍රී දුමින්දගේ  ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ පලමු ආලෝක පුජාව මන්ත්‍රී දුමින්දගේ  ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved