27 April 2024
#දේශීය

ඇමැති මහින්දට උප සභාපතිකමක්  

එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයේ උප සභාපති ධුරයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්වේ.

ඊයේ (07 ) කොරියා ජනරයේ සුවොන් සිටි හි පැවැති පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ දී මෙම උප සභාපති ධුරය මහින්ද අමරවීර මහතාට හිමි විය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා පරිසර බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලැබීය.

එම අවස්ථාවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කී මූන් මහතා හමුවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *