ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලනඥයින්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ජාතික ආණ්ඩුවක් පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. මෙම නව දේශපාලන සංස්කෘතිය තුළ ජනතාව වත්මන් ආණ්ඩුව වෙනුවෙන් තවදුරටත් පෙළගැසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වයෙන් මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අර්ධ වශයෙන් හානියට ලක්වූ නිවාස 50ක් සඳහා ආධාර ලබා දීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
අර්ධ වශයෙන් හානියට පත් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් අදියර දෙකක් යටතේ ලබා දීමට නියමිතය.
ප්‍රථම අදියර යටතේ රුපියල් ලක්ෂ 3ක් ලබා දෙනු ඇත.
දෙවන අදියර යටතේ ඉතිරි රුපියල් ලක්ෂ 2ක මුදල ලබා දීමට නියමිතය.














