කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා රජයේ නව වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
පොහොර සහනාධාරය: පෞද්ගලික සමාගම්වලින් රුපියල් 15,640ක මිලකට මිලදී ගන්නා පොහොර මිටියක්, කිසිදු අමතර ප්‍රවාහන ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අය කිරීමකින් තොරව, රුපියල් 10,200ක සහන මිලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට රජය පියවර ගෙන ඇත. වී මිලදී ගැනීම: පසුගිය රජය වී මිල රුපියල් 105ක් ලෙස නියම කළ ද වී මිලදී ගැනීමක් සිදු නොකළ බවත්, වත්මන් රජය රුපියල් 120, 130 සහ 140 වැනි ඉහළ මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඉදිරි යළ කන්නය සඳහා ද පිරිවැය ගණන් බලා ගොවියාට සාධාරණ වන අයුරින් වී මිල තීරණය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සහල් වෙළඳපොළ: රට තුළ පොදුවේ සහල් හිඟයක් නොමැති අතර නාඩු සහල්වල අතිරික්තයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කීරි සම්බා සහල්වල පවතින හිඟයට විකල්පයක් ලෙස පොන්නි සම්බා යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති අතර, එය මේ වන විට පාලනය කර ඇති බවද ඔහු පැවසීය.
















