නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් අද (මැයි 31, 2026) පස්වරුවේ පැවැත්විණි.
පාර්ලිමේන්තු සහයෝගීතාව ඉහළ නැංවීම සහ රජයන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහයෝගය දැක්වීම මෙන්ම වෙළඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමේ මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. තම X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ස්තූතිය පිරිනමන බවය.
















