හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක දැවැන්ත සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ ඒ සඳහා අවසර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව පරිසරවේදීන් විසින් එල්ල කරන චෝදනා හමුවේ, තත්ත්වය විමර්ශනය කිරීම සඳහා මහවැලි නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දින අදාළ පරිශ්‍රය වෙත ළඟා වූහ.
මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මෙන්ම හම්බන්තොට සහකාර මහ දිසාපතිවරයා ද මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටින්නේ ව්‍යාපෘතියේ නීත්‍යානුකූලභාවය සහ පාරිසරික බලපෑම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණිනි














