ත්ගොවි ජනතාවට අවශ්‍ය තරම් පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත්, එසේ තිබියදී පොහොර හිඟයක් මවාපාමින් විපක්ෂය වැරදි තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.කඳුරුවෙල ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කදුරුවෙල මුස්ලිම් කොලනිය පච්චපල්ලි මාර්ගයේ සිට මැණික්කම් පට්ටිය දක්වා වූ කිලෝමීටර් දෙකක දුර ප්‍රමාණය මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතය.මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් පන්කෝටි තිස්අට ලක්ෂ අසූහත් දහසක මුදලක් ($Rs. 53,887,000$) වැය කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.














