වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයේ කොටස් ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ එම සොරකම් කරන ලද දේපළ මිලදී ගත් පුද්ගලයා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
දුම්රිය මඟට හානි කරමින් මෙලෙස කොටස් ගැලවීම තුළින් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත්, ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් වාර්තා වේ.














