ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ අණපනත් මගින් මහා සංඝරත්නයේ හඬ යටපත් කිරීමටත්, දළදා මාළිගාව, අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන සහ සාංඝික දේපල රජයට පවරා ගැනීමටත් උත්සාහ දරන බව පවසමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වත්මන් පාලකයා නිරාගමික සහ අධාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මෙහිදී චෝදනා එල්ල විය. ශාසනය යනු භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත වන්නක් බැවින්, එහි ආරක්ෂාව උදෙසා ගිහියන් මැදිහත් විය යුතු බව අවධාරණය කෙරිණි. ශාසනයේ චිරස්ථිතියට එල්ල වී ඇති මෙම තර්ජනවලට එරෙහිව ගත යුතු සාමූහික පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුගීශ්වර බන්ඩාර සඳහන් කළේ, ආණ්ඩුව ශාසනයට සිදුකරන කෙණෙහිලිකම් පිළිබඳව මෙන්ම පාලකයාගේ නිරාගමික බව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවයි.
















