27 April 2024
#දේශීය

ප්‍රසිද්ධ වුණාට දැන් සාක්කු හිස් – නලින් පෙරේරා කියයි

අද ලෝකයේ ඇතිව ඇති තත්ත්වය හේතුවෙන් හැම කේෂ්ත්‍රයක්ම කඩා වැටීමට ලක් ඇති බව සංගිත ශිල්පි නලින් පෙරේරා මහතා පවසයි.

ඊයේ (03) දින මාධ්‍ය හමුවක් කැඳවිමන් ඒ මහතා කියා සිටියේ කොරෝනා වෛසරය සමඟ ඉදිරි කටයුතු සිදු කිරීම් සිදු කල යුත්තේ කෙසේද යන්න පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ බවයි. ඒ අනුව කොරෝනා සමඟ ජිවත් වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් කල යුතු බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් මේ වන විට ජනප්‍රිය පුද්ගලයින්ගේ සාක්කු හිස්ව ඇති බවත් බොහෝ විට බැංකු කඩන තත්ත්වයට ඉදිරියේදී පත්වීමට ඉඩ ඇති බව පෙරේරා මහතා කියා සිටියේය.

එහෙමයි මෙම තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය වන පරිසරය ගොඩ නැගීමට හැකියාව ඇති බව ඔහු අනාවරණ කලේය.

ඉදිරියේදී සංගිත සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රාමුවක් ඉදිරිපත් කරනු ඇති බව තමා විශ්වාස කරන බව නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *