27 April 2024
#දේශීය

  මෙරට දෙවන කොරෝනා පොකුර 22488 දක්වා ඉහළට

දිවුලපිටිය හා පෑළියගොඩ ඊයේ (03) දිනට කොරෝනා ආසාදිතයින් ගණන 22,488 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,038 ක් ලෙසයි.

මේ වනවිට, දිවයිනේ රෝහල් රැසක කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 6,877 ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඊයේ දිනයේදී වන විට මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,032 ක් වන අතර කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *