27 April 2024
#සංවර්ධන

කොවිඩ් බලපෑම් ඇති වුණත් රටේ සංවර්ධනය නතර කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

ලෝකෙට වගේම අපිටත් කොවිඩ් 19 බලපෑම් එල්ල වෙලා තිබුණ ද සංවර්ධනය අතර මග නතර නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැංවීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය. ගමේ ගැටළු ගමටම ගොස් හදුනාගැනීම තුළින් එලදායි සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

අපේ රජය රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරලා ඉදිරියට යමින් තිබෙන බවත් ලෝකෙට වගේම අපිටත් කොවිඩ් 19 බලපෑම් එල්ල වෙලා තිබුණ ද සංවර්ධනය අතර මග නතර නොකරන බව හෙතෙම පැවසිය.

අප ජනතාව ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සංවර්ධනය ඉදිරියට ගෙනියන්න බව ඔහු කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *