ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රඳවා තැබිය හැකි ධාරිතාව මෙන් හතර ගුණයක පිරිසක් මේ වන විට රඳවා සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පුගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, 10,375 කට පමණක් රඳවා තැබිය හැකි බන්ධනාගාර ධාරිතාව දැඩි ලෙස ඉක්මවා යමින් බන්ධනාගාර තදබදය උග්‍ර වී ඇති බැවින්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














