දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් 12ක් සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා (18) දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
‘තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින්, සුදුසුකම් ලත් පවුල් 12ක් වෙත රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා නිවාස ආධාර චෙක්පත් නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා දෙවිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහිත සිරිලාල්, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි. පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.














