අඩි 4කට ආසන්න දිගකින් යුත් ඇත් දළ යුගලක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු උතුරු මැද පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (20) මැදවච්චිය, මන්නාරම් පාර, වයි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. අදාළ ඇත් දළ යුගල සහ ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.














