• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC බැංකුව විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි

25 July 2022
in ව්‍යාපාර

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.

මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙය ලබාදෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති, ඇමරිකානු ඩොලර් 1 කට රු. 2 ක අතිරේක මුදලක් ලබාදෙන දිරි දීමනා ක්‍රමයට අමතරව ය. මෙම අතිරේක ප්‍රතිලාභය, විදේශ සේවා නියුක්තිකයන්ගේ පවුල් වල සාමාජිකයන්ට, මේ දුෂ්කර කාලසීමාවේදී අත්වැලක් වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙම දිරි දීමනාව, එය එවන්නාගේ අභිමතය පරිදි DFCC බැංකු ගිණුමට ගෙවනු ලබන අතර, ඇමරිකානු ඩොලර් සඳහා පමණක් නොව සියලුම ප්‍රධාන විදේශ මුදල් සඳහා මෙය අදාළ වේ.

“මෙය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක මොහොතක්. මෙම අවස්ථාවේදී වගකීම් සහගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස අපගේ ප්‍රමුඛතාව වන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා රට තුළට ගලා එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීමයි. ශ්‍රී ලංකාවට මුදල් එවීමේ වඩාත්ම ආරක්ෂිත, විනිවිද භාවයෙන් යුත් සහ නීත්‍යානුකූල ක්‍රමය මෙයයි. ඇත්ත වශයෙන්ම, එසේ කිරීමෙන් මුදල් ප්‍රේෂණ සිදුකරන්නන්ට සහ මුදල් ලබන්නන්ට බදු සහ මූල්‍ය ප්‍රතිලාභ රාශියක් භුක්ති විඳීමට හැකිවෙනවා. බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර, ඊට අපගේ පූර්ණ සහයෝගය අප ලබාදෙනවා.” DFCC බැංකුවේ ජ්‍යෝෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.

අවිධිමත් ලෙස මුදල් යැවීමේ ක්‍රම සම්බන්ධ විවිධාකාර වූ ජාවාරම්වලට දැනටමත් බොහෝ පිරිසක් ගොදුරු වී ඇත. එම නිසා, ශ්‍රී ලංකාවට මුදල් යැවීමට ඇති එකම සුරක්ෂිත සහ විශ්වාසනීය ක්‍රමය බැංකු පද්ධතිය බව DFCC බැංකුව අවධාරණය කරයි. පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය මගින් අඩු හුවමාරු අනුපාතයන් පිරිනැමීම, බොහෝ දෙනෙකු මේ ආකාරයට අවිධිමත් ක්‍රම වෙත යොමුවීමට බලපෑ ප්‍රධානතම හේතුවක් විය. එහෙත් දැන් බැංකු පද්ධතිය මගින් ආකර්ෂණීය අනුපාත සහ ප්‍රතිලාභ ලබාදෙන බැවින්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිත ලෙස තම මුදල් ලංකාවට එවමින්, ප්‍රතිලාභ රැසක්ද භුක්ති විඳීමට අවස්ථාව හිමි වී තිබේ.

“අවිධිමත් ක්‍රම පවත්වාගෙන යන්නන් වෙනත් නීතිවිරෝධී කටයුතු වලද නිරත වන බව ප්‍රසිද්ධ රහසක්. එම නිසා එම පුද්ගලයන් නීතියේ රැහැනට හසු වුවහොත්, ඔවුන් හරහා යවන මුදල් රාජසන්තක වීමට වගේම, ඔවුන් මාර්ගයෙන් මුදල් යවන්නන්ද විවිධ ගැටලු වලට මැදි වීමට ඉඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම, උණ්ඩියල් සහ හවාලා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අවිධිමත් ක්‍රම හරහා ගනුදෙනු වල නිරත වීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්ද විය හැකියි. මේ අනුව බලන විට අවිධිමත් මුදල් ප්‍රේෂණ ක්‍රම නිසා, මුදල් ප්‍රේෂණ සිදුකරන්නාට මෙන්ම ජාතික ආර්ථිකයටත් මතුවන අවදානම විශාලයි. මෙමගින් මුළු මුදලම අහිමි වීම, විශාල දඩයකට යටත් වීමට සිදුවීම පමණක් නොව, ඇතැම් විට සිර දඬුවම් විඳීමට පවා සිදුවීමට ඉඩ තිබෙනවා.” ඇන්ටන් ආරුමුගම් මහතා පෙන්වා දුන්නේ ය.

මෙම අර්බුදය විසඳමින්, බාධාවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමටත්, රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත්, නීත්‍යානුකූල මාර්ග ඔස්සේ රට තුළට විදේශ මුදල් ගලා ඒම වැඩි කළ යුතු ය. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ, භාණ්ඩ හා සේවා අපනයනය සහ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ක්‍රමවේද වේ. කෙසේ නමුත් මෑතකාලීනව රටට ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙසේ වී ඇත්තේ විදේශ රටවල රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවේ අඩුවක් නිසා නොවේ.

ඇත්ත වශයෙන්ම 2020 වසරේ සිට, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නමුත්, දිගින් දිගටම විදේශ මුදල් ප්‍රේෂණ වල අඩුවීමක් සිදු වී ඇත. මේ නිසා, විධිමත් හා නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා බැංකු විසින් විදෙස් මුදල් ප්‍රේෂණ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් වී පවතී.

 

පිටපත -PR

Post Views: 20
Previous Post

හමුදා නිලධාරියාගේ නැතිවු T56 දියවන්නා ජලාශයෙන් හමුවෙයි – පොලිසිය

Next Post

අගමැති දිනේෂ් සිය ධුරයේ වැඩ අරඹයි

editor

editor

Next Post

අගමැති දිනේෂ් සිය ධුරයේ වැඩ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved