• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් කාඩ්පත් හිමියන්ට වැඩි මූල්‍යමය නිදහසක් සමඟ නම්‍යශීලීත්වය ගෙනෙන ප්‍රතිලාභ රැසක්

20 May 2023
in ව්‍යාපාර

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට හැකි වනු ඇත.

වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ටද, එම කාඩ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කිරීම මගින් මෙම ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රමය යටතේ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක්, සහනදායී පොලී අනුපාත සමග වැඩි ඉතිරියක්ද හිමි වනු ඇත.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාදෙන පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට රු. 10,000/- කට වැඩි ගනුදෙනු සඳහා මාස 60 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වන අතර, ඒ සඳහා අයකෙරෙනුයේ මූලික ගාස්තුවක් හා සේවා ගාස්තුවක් පමණි. මේ නිසා මෙම සේවාව, වර්තමානයේ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි වඩාත්ම සහනදායී පහසු ගෙවීමේ ක්‍රම අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙමගින් ඔවුන්ට කරදරයකින් තොරව රිසි සේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ණය ලබාදීමේ සේවාව මගින් කාඩ්පත් හිමියන්ට තම ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, ක්ෂේත්‍රයේ අවම පොලී අනුපාත යටතේ එම මුදල ආපසු ගෙවීම සඳහා ඔවුන්ට මාස 60 ක් දක්වා කාලය හිමි වේ. මෙය කාඩ්පත් හිමියන්ට අනපේක්ෂිත වියදම් හෝ හදිසි මුදල් අවශ්‍යතා හමුවේ ලැබෙන සුවිශාල සහනයකි.

“’කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව, මෙරට බැංකු ක්ෂේත්‍රයේ වසර 65 කට වැඩි උරුමයක් සහිත බැංකුවක්. ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව සහ මිලදී ගැනීමේ හැකියාව වැඩිදියුණු කරන සහ මූල්‍ය පිරිවැය අවම කරන නව්‍ය සහ පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීමට අප කැප වී සිටිනවා. මේ ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් මගින් හිමිවන ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම, මෙම උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම සියලුම නිෂ්පාදන හා සේවාවන් සඳහා වෙළඳපොළේ හොඳම පොලී අනුපාත සමගින් සෑම ගනුදෙනුවක් සඳහාම 1% ක CashBack දීමනාවක් ලබා දීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයන් තුළ වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් සමග, මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා විකල්ප රාශියක්ද හිමිවනවා.” DFCC බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

 

පිටපත – PR

 

Post Views: 16
Previous Post

14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

වෙළඳ බද්ද අඩු කලේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි– අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

වෙළඳ බද්ද අඩු කලේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි-- අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved