• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC බැංකුව John Keells Properties සමග එක් වී ‘Viman-Ja-Ela’ නිවාස ව්‍යාපෘතියක්

27 December 2023
in ව්‍යාපාර
DFCC බැංකුව John Keells Properties සමග එක් වී ‘Viman-Ja-Ela’ නිවාස ව්‍යාපෘතියක්

DFCC බැංකුව John Keells Properties සමග එක් වී ‘Viman-Ja-Ela’ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය එම ව්‍යාපෘතියේ නිවාස මිලදීගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට නිවාස ණය මූල්‍ය සේවා අත්දැකීමක් තිළිණ කරන පියවරක් වනු ඇත.

John Keells Properties යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. මෙම මූල්‍ය පහසුකම් යටතේ DFCC බැංකුව වෙතින් 13.5% ක වාර්ෂික පොලී අනුපාතයක්, නම්‍යශීලී මූලික ගෙවීම් සහ විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් සමගින් නිවාස ණය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ කාලීන අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ සේවාවක් ලබාදෙමින් නිවාස මිලදී ගැනීම වඩාත් පහසු කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.

“තමන්ගේම කියා නිවසක් තිබීමේ වැදගත්කම මෙන්ම නිවසක් මිලදීගැනීමේදී දැරීමට සිදුවන මූල්‍යමය වගකීම් පිළිබඳව අප හොඳින් දන්නවා. මෙම හවුල්කාරීත්වය මගින් ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව ආකර්ෂණීය පොලී අනුපාත සහ ආපසු ගෙවීමේ කාලසීමාවන් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේවි. රටේ ජනතාවට නිවසක සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් වන අතරම, අපගේ විශ්වාසනීය, කඩිනම් හා කාර්යක්ෂම පාරිභෝගික සේවාව ඔස්සේ මේ සමස්ත ක්‍රියාවලියම සැබෑ වෙනසකට ලක්කිරීම අපගේ ඉලක්කයයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුව, John Keells Properties සමාගමේ ‘Viman-Ja-Ela’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් නිවාස ණය ක්‍රම දෙකක් හඳුන්වා දී තිබේ. පළමු ක්‍රමය යටතේ අදාළ ගනුදෙනුවේ වටිනාකමින් 75% ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර, 25% ක මුදලක් ආරම්භයේදී ගැනුම්කරු විසින් ගෙවිය යුතු ය. දෙවැනි ක්‍රමය ව්‍යුහගත ගෙවීම් ක්‍රමයක් වන අතර එහිදී 10% ක මූලික ගෙවීමක් සහ බැංකුව විසින් 70% ක අරමුදල් සැපයීමක් සිදුවන අතර, සෑම වාරිකයකදීම ගනුදෙනුකරු 30% ක දායකත්වයක් දැරිය යුතු ය.

ව්‍යුහගත ක්‍රමය යටතේ, අදාළ නිවස ගැනුම්කරු වෙත භාරදෙන අවස්ථාව දක්වා, මූලික මුදල ආපසු ගෙවීම සඳහා සහන කාලසීමාවක් හිමි වේ. ඉදිකිරීම් සිදුවන කාලය තුළ ගැනුම්කරුවන් ගෙවිය යුතු වන්නේ මූලික මුදලින් සහ පොලී මුදලින් 10% ක් පමණි. එමෙන්ම මෙම ව්‍යුහගත ගෙවීමේ ක්‍රමයට, මූලික මුදල සඳහා වාර්ෂිකව සිදුකෙරෙන එකවර ගෙවීමක්ද ඇතුළත් වන අතර, එහිදී අවසාන වාරිකය ලෙස ණය මුදලෙන් 50% ක් ගෙවිය යුතු ය. මීට අමතරව, ගැනුම්කරුවන්ට තමන්ට අවශ්‍ය ආකාරයට නිවාස ණය සැලසුම් සකස් කරගැනීම සඳහා DFCC බැංකුවේ නිලධාරීන් ඔවුන්ට පූර්ණ මගපෙන්වීමක් ලබාදෙනු ඇත.

“DFCC බැංකුව සමග අත්වැල් බැඳගනිමින් නිවාස මිලදීගැනීමේ අත්දැකීම පෙරළියකට ලක්කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින් විමන් ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට නම්‍යශීලී නිවාස මූල්‍ය සේවා පහසුකම් ලබාගැනීමට පුළුවන්. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි. මේ සරල මූල්‍ය විසඳුම්, මේ නව ව්‍යාපෘතියේ නිවාස මිලදීගැනීම වඩාත් තෘප්තිමත් අත්දැකීමක් බවට පත්කරනු ඇතැයි කියා අප සිතනවා.” John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති නදීම් ශම්ස් මහතා පැවසී ය.

පවුලේ කාටත් ජීවත් වීමට සුදුසු, නගරයට නුදුරු එහෙත් නිස්කලංක පරිසරයක පිහිටා ඇති විමන් නිවාස ව්‍යාපෘතිය, එහි පදිංචිකරුවන්ට නවීන ජීවන රටා අත්දැකීමක් තිළිණ කරනු නිසැක ය. සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා සහ රෝහල් ඇතුළු පහසුකම් රාශියක් ඊට නුදුරින් පිහිටා තිබේ. DFCC බැංකුව සහ John Keells Properties අතර හවුල්කාරීත්වය වත්මන් ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද මූල්‍ය සේවාවන් පිරිනමමින් නිවාස මිලදීගැනීමේ අත්දැකීම පරිවර්තනයකට ලක්කරනු ඇත. එමෙන්ම මෙය නිවාස හිමිකාරීත්වයේ අත්දැකීම නව මානයකට රැගෙන යන හවුල්කාරීත්වයක් වනු නිසැක ය.

ඡායරූපය (වමේ සිට): ඈන් සිල්වා (නීති නිලධාරී – DFCC බැංකුව), තුසිතා සුබ්‍රමනියම් (විධායක – පාරිභෝගික බැංකු සේවා – DFCC බැංකුව), අසංක පටබැඳිගේ (සහකාර උප සභාපති – ලීසිං සහ පාරිභෝගික බැංකු සේවා – DFCC බැංකුව), සමන්ත්‍රි කාරියවසම් (උප සභාපති – පොදු නීති කටයුතු – DFCC බැංකුව), ආසිරි ඉද්දමල්ගොඩ – ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී- DFCC බැංකුව), නදීම් ශම්ස් (විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති – John Keells Properties), රෝෂනාරා හැච් (කළමනාකාරිනී – විකුණුම් – John Keells Properties), ශෆීකා ගුණසේකර (විකුණුම් හා අලෙවි ප්‍රධානී – John Keells Properties) සහ කනිෂ්ක හේරත් (නීති කළමනාකරු – John Keells Properties)

 

PR

Post Views: 32
Previous Post

දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

Next Post

යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතුයි – ඇමැති නිමල්

editor ttvnews

editor ttvnews

Next Post
යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතුයි – ඇමැති නිමල්

යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතුයි - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved