• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙයි

26 March 2024
in පුවත්, ව්‍යාපාර
DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙයි

DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය.

මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි.

DFCC Pinnacle යනු DFCC බැංකුවේ සේවාවන් අතර ඉහළම ශ්‍රේණියේ සේවාවන් එකතුවක් වන අතර, DFCC බැංකුවේ ඉහළම තලයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන පරිදි එම සේවාවන් සැලසුම් කර තිබේ.

Gateway Robotics Competition 2024 වැඩසටහනේ නිල බැංකුකරණ හවුල්කරු වශයෙන්, පාසල් දරුවන් අතර නවෝත්පාදනය සහ විචාරාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීමට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ විය. මෙය DFCC Pinnacle Junior සතු එක් ඉලක්කයක් වන, දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් යාවජීව ඉගෙනුමකට ඔවුන් යොමුකරවීම සඳහා දරන ලද පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙහිදී දරුවන් අතර යහපත් තරගකාරීත්වයක් ඇතිකරමින්, නිර්මාණශීලීත්වය ඔස්සේ ගැටලු විසඳීම සඳහා දරුවන්ට අවස්ථාව සලසා දෙන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ රටේ අනාගත පරපුර කාලීන දැනුමින් පෝෂණය කරමින් රටට සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීමට DFCC බැංකුව සහ Gateway College බලාපොරොත්තු වෙයි.

“අධ්‍යාපනය හා නවෝත්පාදනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්විය යුතුයි කියා අප විශ්වාස කරනවා. Gateway National Robotics Championship වැනි වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම යනු රටේ අනාගත නායකයන් දිරිගන්වන පියවරක් මෙන්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් කරන ආයෝජනයක්. මේ ඔස්සේ රටට විශිෂ්ට දක්ෂයනින් පිරිසක් බිහිකරමින් ඔවුන්ට අනාගත දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා ඵලදායී අවස්ථා උදාකර දීමට අප බලාපොරොත්තු වනවා.” Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

අධ්‍යාපනය යනු DFCC Junior ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ක්ෂේත්‍රයකි. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම තුළින් ක්‍රමයෙන් ඩිජිටල්කරණය වන ලෝකයක් තුළ සාර්ථක වීම සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට දරුවන්ට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ. එමෙන්ම විශිෂ්ටත්වය ළඟා කරගැනීම සඳහා සහභාගීත්වය හා තරගකාරීත්වය අත්‍යවශ්‍ය බවත්, ප්‍රජාවන් හා සම්බන්ධ වෙමින්, නව අවස්ථා ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සහයෝගීත්වයන් ගොඩනංවා ගැනීම අතිශයින් වැදගත් බවත් බැංකුව විශ්වාස කරයි.

DFCC Pinnacle Junior යනු DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ ප්‍රතිලාභ පිරිනමන ඉතුරුම් ක්‍රමයක් වන DFCC Junior විසඳුමෙහිම දිගුවකි. දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරවීමට සහ ඔවුන් තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරවීමට DFCC Junior නිරන්තරයෙන් උත්සාහ දරයි. එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට දිරිගැන්වීම සඳහා DFCC Junior යටතේ විවිධාකාර වූ ආකර්ෂණීය දීමනා හා ත්‍යාග පිරිනමනු ලැබේ. ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන සහ ජයග්‍රහණවලදී DFCC Junior ගිණුම් හිමියන්ට ත්‍යාග හිමිවන අතර, ඔවුන් වෙනුවෙන් විවිධාකාර ක්‍රියාකාරකම් සහ තරග ආදියද සංවිධානය කෙරේ. ඊට අමතරව තමන් සමග අත්වැල් බැඳගෙන සිටින අලෙවිසැල් හරහා ගිණුම් හිමියන්ට විවිධාකාර වූ දීමනා පිරිනැමීමටද DFCC Junior නිරන්තරයෙන් පියවර ගනියි.

DFCC Pinnacle Junior සමගින් දරුවාගේ ඉතිරි කිරීමේ ගමන්මග ආරම්භ කරන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.dfcc.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක 0112350011 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. දිවයින පුරා විසිරුණු DFCC ශාඛාවන් වෙතින්ද තොරතුරු ලබාගත හැක. දැනටමත් DFCC Pinnacle සාමාජිකත්වය හිමි ගනුදෙනුකරුවන්ට තම Pinnacle සම්බන්ධතා කළමනාකරු හෝ අදාළ ශාඛාවේ කළමනාකරු වෙතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

 

 

PR

Post Views: 6,248
Previous Post

පාස්කු දිනයට කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්

Next Post

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved