පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණය ඉල්ලමින් භික්ෂූන් වහන්සේ පවත්වනු ලබන සත්යග්රහයට බාධා පැමිණවීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.
අද (16) මාධ්ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, තමන් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලය අසලට ගියේ නම් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබූ බවත්, සිරගෙවල්වලට දැමීමට හෝ සිවුර ගැලවීමට කටයුතු කළද තමා කිසිදු බියක් නොමැති බවත්ය. හිටපු ජනාධිපතිවරයාගේ අතින් සිදුවූ වැරැද්ද වර්තමාන බලධාරීන් බුද්ධිමත්ව සලකා බලා ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














