හම්බන්තොට ජාත්‍යන්තර වරාය මඟින් 2025 මාර්තු මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ වාහන 167,569ක් බෙදාහැර ඇති බව වරාය පාලනාධිකාරිය සඳහන් කරයි.
වාහන සඳහා ඉල්ලුම ඉහළ යාම සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවලට බාධා ඇති වූ අවස්ථාවලදී ආනයනකරුවන්ට අඛණ්ඩ සහාය ලබාදෙමින් මෙම කටයුතු සිදුකර තිබේ. ඒ අනුව 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා අලුත් සහ භාවිත කළ වාහන 86,389ක් ද, 2026 වසරේ පළමු මාස නවය තුළ තවත් වාහන 81,180ක් ද වශයෙන් මෙම තොග බෙදාහැර ඇත. ආනයනකරුවන් මුහුණ දුන් අභියෝගවලදී ලබාදුන් ප්‍රායෝගික සහාය සහ ප්‍රමාද ගාස්තු සඳහා ලබාදුන් සහන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) විසින් ඇගයීමට ලක් කර තිබේ.














