• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජුනි 24 පාර්ලිමේන්තුවේදී විවාදයට සංශෝධිත ජාතික පාරිසරික පනතට පරිසරවේදීන්ගෙන් සාධනීය ප්‍රතිචාර

13 June 2026
in දේශීය, පුවත්
ජුනි 24 පාර්ලිමේන්තුවේදී විවාදයට  සංශෝධිත ජාතික පාරිසරික පනතට  පරිසරවේදීන්ගෙන් සාධනීය ප්‍රතිචාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජුනි 24 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත සංශෝධිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ සහ විද්වත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සාධනීය සංවාදයක් පසුගියදා පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවති මෙම හමුව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ නිලධාරීන් සහ හේමන්ත විතානගේ, මෙලනි ගුණතිලක ඇතුළු ප්‍රමුඛ පෙළේ පරිසරවේදීන් රැසක් එක්ව සිටියහ.
පරිසර සුරක්ෂිත කිරීම හුදෙක් නීති රීතිවලට පමණක් සීමා කළ නොහැකි බවත්, එය පුළුල් මහජන සහභාගීත්වයක් සහ සාමුහික ප්‍රයත්නයක් මත පදනම් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දේශගුණික විපර්යාසයන්ට ගැලපෙන පරිදි පනත කාලීනව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නීතිමය ගැටුම්වලින් තොරව මෙම පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙම නව පනත් කෙටුම්පත මගින් පාරිසරික යුක්තිය පසිඳලීම සහ අනාගත පරපුර උදෙසා ස්වභාවධර්මය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් පුළුල් නෛතික වපසරියක් නිර්මාණය කර ඇත. පනතේ අඩංගු සුවිශේෂී ප්‍රතිපාදන කිහිපයක් පහත දැක්වේ:
පළාත් පාලන ආයතන සතු පාරිසරික වගකීම් නීත්‍යානුකූලව තහවුරු කර ඇති අතර, විධාන පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරේ.
අධිකරණ නියෝග කඩ කරන ආයතනවලට ඉහළ දඩ මුදල් පැනවීමට මහේස්ත්‍රාත්වරයාට බලය හිමිවේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම මත බලපත්‍ර අත්හිටුවීමට හෝ කර්මාන්ත තාවකාලිකව වසා දැමීමට නව ප්‍රතිපාදන සලසා ඇත.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව පරිච්ඡේද හඳුන්වා දී ඇත.
පාරිසරික බලපෑම් ඇගයීම් (EIA/IEE) සඳහා අසත්‍ය තොරතුරු සැපයීම දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇත.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ‘උපාය මාර්ගික පාරිසරික ඇගයීම්’ (SEA) අනිවාර්ය කර ඇත.
‘නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම’ (EPR) නීතිගත කරමින් භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරා ඇත.
තෙත්බිම් සංරක්ෂණය සඳහා විශේෂිත නව නීති පද්ධතියක් හඳුන්වා දී ඇත.
මෙම පනත් කෙටුම්පත 2025 වසරේදී කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, 2026 අප්‍රේල් 22 දින ගැසට් කරන ලදී. මහජන පෙත්සම් සඳහාද අවස්ථාව ලබාදී ඇති මෙම පනත, එළඹෙන ජුනි 24 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකින් සම්මත කිරීමට නියමිතය. විවිධ සමාජ කණ්ඩායම් ඉලක්ක කරමින් මෙම පනත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.
Post Views: 0
Previous Post

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් රුසියාවේ ටෙම්රුක් වරාය ගිනිගනී…

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණය මෙන්න වසරකට ලක්ෂ 80ක් බිලිගන්නා දුම්කොළ වසංගතය මර්දනය කිරීමේ සුපිරි අවිය දුම්වැටි බදු ප්‍රතිපත්තියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved