විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය එක්ව මාපලාන කෘෂිවිද්‍යා පීඨ පරිශ්‍රයෙහි නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ කුරුඳු වගාකරුවන් මුහුණ දෙන ඉහළ සැකසුම් පිරිවැය, සනීපාරක්ෂක ප්රමිතීන් සහ ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ගැටලුවලට විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ. මාස 27ක කාලසීමාවක් තුළ අදියර හතරකින් යුතුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
















