ව්යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය මෙම වරෙන්තුව නිකුත් කර ඇත. මීට පෙරද නඩු දිනය අමතක වූ බව පවසමින් අධිකරණයේ පෙනී සිටීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබාදී තිබූ බව වාර්තා වේ.
සාක්ෂි විභාගය අවසන්ව ඇති මෙම නඩුවේ ලේඛන නිවැරදි කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ දේශන සඳහා දිනයක් නියම කිරීම වෙනුවෙන් එය කැඳවා තිබිණි.
ශ්රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන සිටියදී ව්යාජ උප්පැන්න ලේඛනයක් සකස් කර, එය භාවිත කර හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා යටතේ ඇයට එරෙහිව නඩු පවරා තිබේ.
නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්රහයේ 32, 102, 457 සහ 459 වගන්ති යටතේ අධිචෝදනා තුනක් 2024 ජූනි 6 වැනිදා ගොනු කර ඇත.













