27 April 2024
#ක්‍රීඩා

ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා – අධ්‍යක්ෂ ජනරාල් අමල්

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම මේ වනතුරුත් සිදුකර නොමැති අතර, ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන අක්‍රමිකතා සිදුව ඇති බවට විවිධ වෙබ් අඩවි හරහා පළවන සාවද්‍ය පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ පිළිබඳව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

අපේ රටේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් රට වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂා කරන බැවින් ඊට අනුකූල වන පරිදි ජාත්‍යන්තර පහසුකම් හා අන්තර්ජාතික මට්ටමෙන් උසස් ගුණාත්මකභාවයෙන් යුතු ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා පහසුකම් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අප කටයුතු කරනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා තාක්ෂණික මාර්ගෝපදේශවලට අනුව තාක්ෂණයෙන් උසස් අන්තර්ජාතික මට්ටමේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ ලබාදීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ අනුව ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණුව ලැබීම සඳහා දෙපාර්තමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ජිම්නාස්ටික් උපකරණ මිලදීගැනීම සම්බන්ධව මිළ ගණන් කැඳවීම සිදු කර තිබෙන අතර මිලදී ගන්නා ක්‍රීඩා භාණ්ඩවල අන්තර්ජාතික ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය පිළිබඳව අප වඩාත් සැලකිලිමත් වෙනවා.

මේ සම්බන්ධව තාක්ෂණ ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමක් සිදුකර ඇති අතර තවදුරටත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ තාක්ෂණික කමිටු නිලධාරීන්ගේ විශේෂඥ මතය විමසා මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අප අදහස් කර තිබෙනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සම්බන්ධව අවසන් තීරණයක් මේ වනතුරුත් අරගෙන නැහැ.

මේ සම්බන්ධව පළවන පුවත් සාවද්‍ය වන බවත් ජාතික තලයේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය වන ජිම්නාස්ටික් උපකරණ මිලදී ගැනීම ඉතාමත් විනිවිදභායකින් යුතුව රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Did not buy gymnastics equipment – Rejects false reports – Director General Amal

Amal Edirisuriya, Director General of the Department of Sports Development, says that he rejects the false news published on the websites regarding the tender for the purchase of gymnastic sporting goods.

The Director General said in a statement that the purchase of gymnastics equipment has not yet been made and that there is a strong denial of false news published on various websites that procurement irregularities have taken place in the purchase of gymnastic sporting goods.

Director General of the Department of Sports Development Amal Edirisuriya commented:

Leave a comment

Your email address will not be published. Required fields are marked *