• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DIG නාලක රිමාන්ඩ්

25 October 2018
in දේශීය

ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දින පහක් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද රාතී‍්‍ර 7.00ට පමණ එලෙස අත්අඩංගුවට ගෙන රාතී‍්‍ර 9.00ට පමණ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව ඉකුත් 18 වැනිදා සිට අද දක්වා සිට දින පහක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු කෙරිණි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නාමල් කුමාර නම් පුද්ගලයෙකි. නාමල් කුමාර රහස් පොලිසියට ඉදිරිපත් කළ හඬපට 124න් 123ක්ම කටහඬ නාලක සිල්වා මහතාගේ සහ නාමල් කුමාරගේ බවට සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.

ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල කර ඇත.

Post Views: 8
Previous Post

ජනපති යෝජනා කළ 4 න් 2 කට අනුමැතිය

Next Post

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි …. පුජ්‍ය රතන හිමි කියයි !

editor

editor

Next Post

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි .... පුජ්‍ය රතන හිමි කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved