• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ෆොන්සේගෙන් උපදෙස් ගත් බව DIG නාලකගෙන් CIDයට ප්‍රකාශයක්

26 October 2018
in දේශීය

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේතන්තුවට පසුගිය 18 වැනිදා සිට ඊයේ දක්වා සිට දින පහක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේදී ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ගැනද සඳහන් කර ඇති බවයි.

ඒ අනුව හිටපු හමුදාපතිවරයෙකු වන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අවස්ථා ගණනාවකදී තමා හමුවූ බව නාලක ද සිල්වා එහිදී ප්‍රකාශ කර ඇති අතර එම අවස්ථාවන්හිදී ත්‍රස්ත විමර්ශන හා තවත් තොරතුරු ගැන සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ ක්‍රමෝපාය පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවත් හෙළිදරව්ව කර ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් ආරක්ෂක අංශයේ දැනට සිටින බුද්ධි අංශ නිලධාරීන් සමඟ ද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සමීප සබඳතා පවත්වන බවද එම ආරංචි මාර්ග පැවසී ය.

නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා අතර පැවැති සාකච්ඡා සහ මුණ ගැසුණු කාරණා ගැන ඉදිරියේදී විමර්ශනය කරන බවද වාර්තා වේ.

කෙසේ නමුත් නාලක සිල්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය නිවැරදි බවට හෙළිදරව්ව වන්නේ ඊයේ(25) පෑලියගොඩ නවලෝක ප්‍රජා ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමේදි අමාත්‍ය සරත් ෆොන්සේන මහතා පැවසූවේ තමන් ඩීඅයිජී නාලක සිල්වා මහතාව මීට පෙර හමුව ඇති බවයි.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගෙන් ආරක්ෂක අංශ විවිධ අවස්ථාවන්හිදී උපදෙස් ලබා ගත් බවයි.

මෙම විමර්ශනයට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූහ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (26) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දින පහක් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. පසුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරු 7.00ට පමණ එලෙස අත්අඩංගුවට ගෙන රාත්‍රි 9.00ට පමණ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

ඒ අනුව ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

Post Views: 5
Previous Post

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ

Next Post

පක්ෂ දෙකටම උපදෙස් ලබා දෙන්න ඕන – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

පක්ෂ දෙකටම උපදෙස් ලබා දෙන්න ඕන - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved