ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අසාදු ලේඛනගත කරන ලද ඉන්දීය සමාගමක් වෙත මෙරට ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ටෙන්ඩරය ලබාදීමේ උත්සාහයක් පවතින බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා චෝදනා කරයි. ඩිජිටල්කරණයට තමන් විරුද්ධ නොවන නමුත් එම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඉන්දීය සමාගමකට ලබාදීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඔහු අවධාරණය කළේය. 2025 ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් කැඳවා ඇති අතර මුලින් සමාගම් පහක් ඉදිරිපත් වී සිටියද පසුව හයවන සමාගමක් ලෙස අදාළ අසාදුගත සමාගම හොර රහසේ ඇතුළත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් කැඳවීම, ලන්සු ඇගයීම සහ මෘදුකාංග නිර්මාණය යන සියල්ල ඉන්දියාව විසින්ම සිදුකරන බවත්, රුපියල් බිලියන දාහක ආධාරයක් ලබාදෙන පදනම මත රජය මෙම එකඟතාවයට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය. මීට පෙර පද්ධතිවල ආරක්ෂාව ගැන සහතික වූ බලධාරීන්ම දැන් පද්ධති හැක් විය හැකි බව පවසමින් කරුණු ඉදිරිපත් කරන බවත්, මෙලෙස ජනතාවගේ කළු ඉංගිරියාව සහ ඇඟිලි සලකුණු වැනි දත්ත විදේශීය සමාගම් අතට පත්වීම බරපතල ජාතික ආරක්ෂක තර්ජනයක් බවත් මුදලිගේ මහතා සඳහන් කළේය. මේ පිළිබඳව රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
















