සාමාන්‍ය සංචාරකයන් මෙන් දින කිහිපයකට පමණක් සීමා නොවී සති කිහිපයක් හෝ මාස කිහිපයක් රඳා පවතින ‘ඩිජිටල් නෝමඩ්’ (Digital Nomads) සංචාරක ප්‍රජාව ලෝක කුසලාන තරගාවලියක් මූලික කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ අරමුණ හුදෙක් තරග නැරඹීම පමණක් නොව එම රටවල තාවකාලිකව පදිංචි වී දුරස්ථව රැකියාව කරන අතරතුර ලෝක කුසලාන අත්දැකීම සමීපව විඳ ගැනීමයි.
විවිධ අධ්‍යයනයන්ට අනුව වෘත්තිකයන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් දුරස්ථව රැකියාව කරමින් නම්‍යශීලී ජීවන රටාවක් ගත කිරීමට කැමැත්ත පළ කරති. මෙවැනි පසුබිමක ලෝක කුසලානය වැනි දැවැන්ත ක්‍රීඩා උළෙලවල් මෙම පරිවර්තනය වේගවත් කරන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.
මෙම තත්ත්වය යුරෝපීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මහඟු අවස්ථාවක් වී තිබේ. ක්වෙරෙටාරෝ (Querétaro) ප්‍රාන්තයේ සංචාරක ලේකම් ඇඩ්‍රියානා වේගා පවසන පරිදි වසරේ පළමු කාර්තුව තුළ ස්පාඤ්ඤ සංචාරකයන්ගේ පැමිණීම 16%කින් පමණ වර්ධනය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම ඉල්ලුම සපුරාලීම සඳහා මැඩ්රිඩ් සිට සෘජු ගුවන් ගමන් වාර පවා ශක්තිමත් කර තිබේ. සංචාරක රටවල් ලෝක සිතියමේ සලකුණු කිරීමටත් ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා ගැනීමටත් මෙම නව සංචාරක සංස්කෘතිය ප්‍රබල පිටුවහලක් වී ඇත.
හුදෙක් විනෝදය සඳහා පමණක් නොව රැකියාව සහ ජීවන රටාව සංචාරය සමඟ ඒකාබද්ධ කරන මෙම ‘ඩිජිටල් නෝමඩ්’ රැල්ල ඉදිරි වසර කිහිපය තුළ ලෝක සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.














