හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත අද (28) පෙරවරුවේ පැමිණි අතර, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර එතැනින් පිටව ගොස් තිබේ.
අල්ලස් කොමිසම මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9:30ට පමණ එම පරිශ්‍රය වෙත පැමිණ තිබුණි. පැය කිහිපයක කාලයක් තිස්සේ අදාළ විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවනු ලැබුවේ කුමන කරුණකට අදාළවද යන්න පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර නොමැති වුවද, එය දැනට ක්‍රියාත්මක වන දූෂණ විමර්ශනයකට අදාළ තොරතුරු ලබාගැනීමක් බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විශාල පිරිසක් එම පරිශ්‍රය අසල රැඳී සිටි අයුරු දැකගත හැකි විය.














