අද වන විට ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු මෙරට පවතින ප්‍රධානතම ජාතික ප්රශ්නය බවට පත්ව ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. පොළොන්නරුවේ ගොවි නායකයින් සමඟ මැදිරිගිරිය ප්‍රදේශයේදී අද (ජූලි 01) පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේ, ගොවියා විහිළුවට පත් කරන තත්ත්වයක් වත්මන් රජය යටතේ නිර්මාණය වී ඇති බවයි. ගොවියා හුදෙක් ගොවියෙකු ලෙස පමණක් නොව ‘ගොවි ව්‍යවසායකයෙකු’ දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, වෙනත් සියලු ප්‍රශ්න පසෙකලා ගොවි ගැටලුවට ප්‍රමුඛතාව ලබා දී විසඳුම් සෙවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. තවද, දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන ආ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















